වැලිඔය – හංසවිල ගම්මානයේ සිදු වු ලමා හිංසන සිද්ධියක්

2024-06-08 දින

FaceBook සමාජ ජාලයේ Share වෙමින් කතා බහට ලක් වු “වැලිඔය – හංසවිල ගම්මානයේ සිදු වු ලමා හිංසන සිද්ධියක් සම්බන්දයෙන් අපගේ අවධානය යොමු වු අතර මේ වන විට එ සම්බන්ධ සියලුම තොරතුරු පොලිස් ප්‍රධාන මුලස්ථානය හරහා වැලි ඔය පොලිස් ස්ථානයට ලබා දි ඇති අතර, මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් දැනට පළාගොස් ඇති අතර මේවන විට වැලිඔය පොලිස් මුලස්ථානයෙන් එ සම්බන්දව වැඩි දුර විමර්ශන සිදු කරයි.

2024-06-05

නිවසේ බෝතලයක තිබූ සීනි කෑවයි කියා අවුරුදු හතරහමාරැති දැරියට පහර දුන් මෙම පුද්ගලයා නිවසින් පැන ගොස් පුල්මුඩේ කුඩා අරිසිමලේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී වැලිඔය පොලිසිය මගින් 5 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.දැරියට පහර දෙන අයුරු සැකකරුගේ පුතා තම ජංගම දුරකතනයෙන් පටිගත කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Add a Comment

Your email address will not be published.